/ May 24, 2025

සජබ ලොකු අවුලක : සංවිධායකයන් පෝලිමක් ඉල්ලා අස්වෙයි!

මාතලේ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගය පක්ෂයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු තම ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

රත්තොට ආසන සංවිධායක හිටපු අමාත්‍ය රංජිත් අලුවිහාරේ, මාතලේ සංවිධායක වසන්ත අලුවිහාරේ සහ දඹුල්ල සංවිධායක චම්පික විජේරත්න සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

මෙම පියවර ගන්නා ලද්දේ දිගින් දිගටම පක්ෂය විසින් සිදු කරන කෙනෙහිලිකම් නිසා බවත් තවත් කිහිපදෙනෙකු සිය සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට නියමිත බවත් සජබ ආරංචිමාර්ග පවසයි.

සමගි ජනබලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිද සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූයේ මතභේදයක් නිසාවෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top