නීතිවිරෝධී සූදු පිටියක් පවත්වාගෙන ගිය ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේග පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ තවත් 15 දෙනෙකුද සමගිනි.
ඉපලෝගම, කුංචිකුලම පෙදෙසේ නිවසක සූදුපොළක් පවත්වාගෙන යන බවට පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව කළ ක්ෂණික වැටලීමකදී මෙලෙස පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් කලක් තිස්සේ සූක්ෂ්මව මෙම සූදු පොළ පවත්වාගෙන ඇතැයි පැවසේ.
ඉපලෝගම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.