සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන අද (25) දිනයේ පාර්ලිමේන්තුවේ දැක්වූ අදහස් සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වී තිබේ. ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ, ආණ්ඩුව විසින් මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විදර්ශන ප්‍රකාශකයන්ට හිමි ස්ථානය නැති කර දමා ඇති බවයි.
කෙසේ වෙතත්, පෞද්ගලික සමාගම් එක් වූ සංගමයක් වන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන මෙම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ආණ්ඩුවේ කිසිදු සම්බන්ධයක් ඇත්තේ නැත. තතු දත් අය පවසන පරිදි පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සහ විදර්ශන ප්‍රකාශන ආයතනය අතර ඇති වූ ප්‍රශ්නයක් නිසා මෙම තත්වය උද්ගත වී තිබේ.
සජබ මන්ත්‍රීවරයා විදර්ශන – යන නම විදර්ශනා යනුවෙන් උසුරුවමින් ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම තනිකරම විහිළුවක් බව සමාජ මාධ්‍ය වේදිකාවල අදහස් පළ වෙමින් තිබේ.