/ Jun 08, 2025

පෑනක් වෙස් ගත් ගිනිඅවියක් සමඟ සැකකරුවෙක් කොටුවෙයි

පෑනක් ආකාරයෙන් නිෂ්පාදනය කරන ලද ගිනිඅවියක් සමග පුද්ගලයකු කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ සවස පානදුර හොරේතුඩුව පාලම අසල දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු පරීක්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයාගේ සාක්කුවේ දමා සිටි මෙම විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනිඅවිය සහ එම අවියට යොදන ජීව උණ්ඩ තුනක් එම අවිය බහාලන බහලුමක් හමු වී ඇත.

පොලිසිය ප්‍රකාශ කරන්නේ, මෙය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස භාවිත කළ හැකි ගිනිඅවියක් බවය.

දිගින් අඟල් හතරහමාරක් පමණ මෙම ගිනිඅවිය කුමන හේතුවක් මත මෙම පුද්ගලයා සන්තකයේ තබාගෙන සිටියේ දැයි කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 43 හැවිරිදි මොරටුව, මෝල්පේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සැකකරු අද (04) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත‍ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top