පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දෙන්නේ පක්ෂයේ දැනුවත් කිරීම්, ලබාදී ඇති මඟ පෙන්වීම් සහ උපදෙස්වලට පටහැනිව මෙම පිරිස කටයුතු කර ඇති අතර, ඒ අනුව මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ඒ පිළිබඳව වාර්තා කර අදාළ පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
පළාත් පාලන ආයතනවල 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබා දීම හේතුවෙන් අදාළ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.





