අල්ලස් හෝ දූෂණ චෝදනාවකට වරදකරු වී වසර 16ක් සිර දඬුවම් ලැබූ උතුරුමැද පළාත් හිටපු අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ ලේකම් ලෙස කටයුතු කළ බිරිඳ යන දෙදෙනා අදාළ සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
එය අද (03) මහාධිකරණය වෙත භාර දී ඇත්තේ අභියාචනාධිකරණට ඉදිරිපත් කිරීමටයි.
මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුවේදී තමන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට භාජනය කර නැති බැවින් තමා නිදොස් කොට නිදහස් කරන ලෙසයි එම අභියාචනයෙන් ඉල්ලා ඇත්තේ.