/ Jun 15, 2025

සුළු හා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ අතු ගෑවෙන ලකුණු : බිත්තර මිල අහසට යයි!

Small and medium-scale egg producers in trouble

සුළු හා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදකයින් මේ වන විට බිත්තර නිෂ්පාදනයෙන් ඉවත් වීමේ අවදානමක් තිබේ. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන්ගේ නිෂ්පාදන වියදම ඉහළ යාමත් බිත්තරයේ මිල සීඝ්‍රයෙන් පහළ යාමත්ය.

වාර්තා වන අන්දමට, සුළු හා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකුට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 26-28ක් අතර මුදලක් වැය වන අතර, මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකුට එම පිරිවැය රුපියල් 18-20ක් පමණි. මෙම පිරිවැය වෙනසට හේතුව බදු අය කිරීමේ ක්‍රමයයි. කුඩා පරිමාණ නිෂ්පාදකයින් මිල දී ගන්නා සත්ව ආහාර සඳහා අගය එකතු කළ බද්ද (VAT) අය කෙරේ. නමුත් මහා පරිමාණ නිෂ්පාදකයින් තමන්ගේම සත්ව ආහාර නිෂ්පාදනය කරන අතර, ඒ සඳහා යොදා ගන්නා බඩ ඉරිඟු ඇතුළු අමුද්‍රව්‍ය සඳහා බදු අය නොකෙරේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, වෙළඳපොලේ බිත්තර මිල පහත වැටී ඇති තත්ත්වයක් තුළ සුළු හා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට දිගින් දිගටම පාඩු ලබමින් සිටීමට සිදු වී ඇත. මෙම තත්ත්වය හමුවේ ඔවුන් තම කිකිළියන් මස් සඳහා විකුණා දැමීමට පවා පෙළඹී ඇත. මේ නිසා බිත්තර නිෂ්පාදනය සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර, ඉදිරි කාලය තුල ඒකාධිකාරියක් බිහිවීමෙන් බිත්තර මිල රුපියල් 55 – 60 දක්වා ඉහළ යා හැකි බවට වෙළඳපොල විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top