දිගු කලක සිට දියවන්නා ඔය ආශ්‍රිතව පිහිටි පාර්ලිමේන්තු පරිශ්‍රයට නාගයෝ ඇතුළු විවිධ සර්ප විශේෂයන් නිරන්තරයෙන් ඇතුළු වීම සිදු වන බව වාර්තා වේ.
පසුගිය 18 වැනි දා කතානායකවරයාගේ කාර්යාල පරිශ්‍රයට නාගයෙකු ඇතුළුවීමට උත්සාහ ගැනීමත් සමඟ කලබැගෑනියක් ඇති වී තිබේ. කතානායකවරයා ආහාර ගන්නා ස්ථානයේ පිහිටි ජනේලයකින් නාගයා ඇතුළුවීමට උත්සාහ දැරීමේදී කාර්යාලය සේවකයන් ඒ බව දැක ඇත. පසුව පාර්ලිමේන්තුවේ සත්ත්ව පාලනය හා උද්‍යාන අංශයේ නිලධාරියෙකු විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී එම නයා ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටතට ගෙන ගොස් දමා තිබේ.
දිගු කලක සිට දියවන්නා ඔය ආශ්‍රිතව පිහිටි පාර්ලිමේන්තු පරිශ්‍රයට නයින් ඇතුළු විවිධ සර්ප විශේෂයන් නිරන්තරයෙන් ඇතුළුවන අතර පසුගිය කාලයේ පමණක් එලෙස ඇතුළු වූ සර්පයන් 20ට වඩා අධික සංඛ්‍යාවක් ආරක්ෂිතව ඉවත් කර ඇතැයි සැලවේ.





