/ Mar 15, 2025

ඊශ්‍රායල සාත්තු සේවා රැකියා ගැන විශේෂ නිවේදනයක්

2025 වසරේ දී ශ්‍රී ලාංකිකයින් 2,000ට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි මුල සිට ඊයේ (18) දින දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 148 දෙනෙකුට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

මේ අතර ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පෙබරවාරි 24 වෙනිදා සාත්තු සේවා වෘත්තිකයින් 17 දෙනෙකු පිටත්ව යාමට නියමිත අතර ඊට කාන්තාවන් 15 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 02 දෙනෙකු ඇතුළත්ය.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් 2038 දෙනෙකු හට හිමිවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top