දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
දුරගමන් සේවා බස් රථ අනතුරුවලට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයෑම නිරීක්ෂණය වීම නිසා මෙම පරීක්ෂාව අරඹා ඇත.
බීමත්ව රිය පැදවීම, අපරීක්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැදවීම, යන රථවාහන වැරදි සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි දන්වා ඇත්තේ.
පොලිස් කොට්ඨාසවලට අයත් තෝරගත් ස්ථානවල රැඳී සිටින පොලිස් කණ්ඩායම් බස්රථ විශේෂ පරීක්ෂාවකට ලක් කරනු ඇති.
පොලීසියේ යතුරුපැදි සංචාරක ඒකක විසින්ද අපරීක්ෂාකරීව රිය ධාවනය කරන බස් රථ පරීක්ෂාවට ලක් කළ යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ