සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වැනිදායින් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.
දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව පවසා සිටියේය.
බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වශයෙන් සැලකෙන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීම සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වූයේ වසර 16කට පසුවයි.
ජනාධිපති අනුර දිසානායකගේ ඉල්ලීමකට අනුව පසුගිය 18 වැනිදා සිට සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව උදාවිය. ඒ අනුව ලක්ෂ ගණනක් වූ බැතිමතුන්ට දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමට වරම් ලැබුණි.