තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න, එම රෝහලේ ම කළමනාකාර සහකාර නැකුලන්දල ලියනගේ ඉන්දික, වෛද්‍යවරිය අනීතිකව පවත්වාගෙන ගිය ආයතනයේ සේවක රංජිත් මුතුකුඩ යන අය රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම වෛද්‍යවරිය ඇතුළු තිදෙනා ඊයේ (17) රාත්‍රී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත ඉදිරිපත් කර තිබුණි.
මෙම වෛද්‍යවරිය ඇතුළු පිරිස කාලයක් තිස්සේ, ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD සහ VP SHUNT යන අයිතම වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර රෝහල් කාර්ය මණ්ඩලය හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් එම අයිතම ලබාගැනීම සඳහා උපදෙස් ලබාදීම තුළින් රෝගී පාර්ශ්වයට පාඩුවක් හා තමාට හෝ බාහිර පාර්ශ්වයන්ට අයුතු සහගත ලාභයක් ලබාගැනීම මෙන්ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු කිරීම සම්බන්ධව ‘දූෂණය’ නම් වරද සිදුකිරීම පිළිබඳව අදාළ සැකකාර විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම දන්වා සිටියි. මෙම EVD යන අයිතමය 2022 වසරේදී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රුපියල් 17,500 ක් පමණ වී ඇති බවත්, එහි සාමාන්‍ය වෙළෙඳ පොළ මිල රුපියල් 46,500 ක් පමණ වී ඇති බවත් අල්ලස් කොමිසම දන්වා සිටියේ ය.
සැකකාර විශේෂඥ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන බාහිර පාර්ශ්වයන් මගින් රෝගීන් මෙම අයිතමය ලබා ගැනීමේදී රුපියල් 120,000 සිට රුපියල් 250,000 ක් පමණ වටිනාකම් ඒ සඳහා දැරීමට සිදුවන ඇතැයිද අල්ලස් කොමිසම දන්වා සිටියි. මේ වනවිට මෙලෙස ශල්‍ය කර්මයන්ට භාජනය වූ 300 ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති බවත්, එයින් 77 දෙනකුගේ ප්‍රකාශ දැනටමත් සටහන් කරගෙන ඇතැයිද අල්ලස් කොමිසම තවදුරටත් පවසයි.
කෙසේ වෙතත්, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතක දුමින්ද සිල්වා රැක බලාගත් වෛද්‍යවරිය ලෙසටද මෙම වෛද්‍යවරියව ඇයව බොහෝ දෙනෙක් හඳුන්වති.