වයස අවුරුදු 19 න් පහළ බාළිකා විස්සයි 20 ලෝක කුසලානයට පෙර පෙරහුරුවක් ලෙසට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද (16) නම් කරන ලදි.තවද ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායම සමග එක එක්දින තරගයක් පමණක් පැවැත්වීමට නියමිතය. ( Under 19 Cricket world cup )
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා පිලෙහි නායකත්වය මොරටුව වේල්ස් කුමරි විදුහලෙහි මනුදි නානායක්කාර හිමිව ඇති අතර 15 දෙනෙකුගේ සංචිතයට රත්ගම දේවපතිරාජ විදුහලෙහි ක්‍රීඩිකාවන් පස් දෙනෙකු ඇතුළත්ව සිටින විට ත්‍රිකුණාමලය සිංහල මහ විදුහල (විමෝක්ෂා බාලසූරිය),රජඇළ මහ විදුහල කන්තලේ (මිතලි අයෝද්‍යා),මොණරාගල පඤ්ඤානන්ද මහ විදුහල (චමුදි ප්‍රබෝධා),අම්පාර උහන මහ විදුහල (ප්‍රමුදි මෙත්සරා) වැනි කොළඹින් බැහැර ප්‍රදේශ වලින් සංචිතයට ඇතුළත් වීම සුවිශේෂ කරුණකි.
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ සංචිතය
මනුදි නානායක්කාර (නායිකා)-වේල්ස් කුමරි විදුහල,මොරටුව
සංජනා කාවින්දි- දේවපතිරාජ විදුහල,රත්ගම
විමෝක්ෂා බාලසූරිය- සිංහල මහ විදුහල,ත්‍රිකුණාමලය
හිරුණි හංසිකා- දේවපතිරාජ විදුහල,රත්ගම
නෙතඟි ඉසුරාංජලී-දේවපතිරාජ විදුහල,රත්ගම
රශ්මිකා සෙව්වන්දි (උප නායිකා)-අනුර විදුහල,මාතර
ශෂිනි ගිම්හානි-දේවපතිරාජ විදුහල,රත්ගම
අසේනි තලගුණේ-මහාමායා විදුහල,මහනුවර
ප්‍රමුදි මෙත්සරා-උහන මහ විදුහල, අම්පාර
දනෝද්‍යා සෙව්මිණී-ආණමඩුව මැදි මහ විදුහල,පුත්තලම
චමුදි ප්‍රබෝධා-පඤ්ඤානන්ද මහ විදුහල,මොණරාගල
ලිමන්සා තිලකරත්න
රශ්මි නේත්‍රාංජලී-දේවපතිරාජ විදුහල,රත්ගම
රිෂ්මි සංජනා-අනුර විදුහල,මාතර
මිතලි අයෝද්‍යා-රජඇළ මහ විදුහල,කන්තලේ