/ Feb 11, 2026

සුබ පුවතක් : ශ්‍රී ලංකාව දූෂණ දර්ශකයේ අගය ඉහළ දමා ගනී!

ට්‍රාන්ස්පේ­රන්සි ඉන්ට­ර්නැ­ෂ­නල් (Transparency International) ආය­ත­නය විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජා­නන දර්ශ­ක­යට (CPI) අනුව ශ්‍රී ලංකාව සිය ගෝලීය ශ්‍රේණි­ගත කිරී­ම්වල කැපී පෙනෙන වර්ධ­න­යක් පෙන්නුම් කර­මින් රට­වල් 181ක් අත­රින් 107 වැනි ස්ථාන­යට පැමිණ ඇති බව වාර්තා වේ.

2024 වස­රේදී ශ්‍රී ලංකාව ඉති­හා­සයේ වාර්තා වූ නර­කම ශ්‍රේණි­ගත කිරීම (121) ලබා­ගෙන තිබූ අතර, එම­ඟින් ලොව වඩාත්ම දූෂිත රට­වල් තුනෙන් එකක් අත­රට ද ඇතු­ළත්ව තිබිණි. 2025 වස­රේදී ලකුණු 100න් 35ක් ලබා ගනි­මින් ස්ථාන 14කින් ඉදි­රි­යට ශ්‍රී ලංකාව පැමිණ ඇති අතර මෙය මෑත වස­ර­ව­ලදී වාර්තා කළ සුවි­ශේ­ෂීම පිම්මක් බව ට්‍රාන්ස්පේ­රන්සි ඉන්ට­ර්නැ­ෂ­නල් ආය­ත­නය පව­සයි.

මෙවර එම දර්ශ­කය ඉදි­රි­පත් කිරීමේ දී එක් එක් රට­වල දූෂ­ණය සම්බ­න්ධ­යෙන් නිර්ණා­යක රැසක් පද­නම් කර­ගෙන තිබෙන අතර අල්ලස, රාජ්‍ය මුදල් අප­හ­ර­ණය, ප්‍රති­වි­පා­ක­ව­ලට මුහුණ නො දී පෞද්ග­ලික ලාභය සඳහා තම රාජ්‍ය කාර්යා­ලය භාවිත කිරීම, රාජ්‍ය අංශයේ දූෂ­ණය පාල­නය කිරී­මට රජ­යන්ට ඇති හැකි­යාව, රාජ්‍ය සේවයේ ඥාති සංග්‍රහ ආදිය ඒ අතර වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top