/ Oct 19, 2025

X-PRESS PEARL : ඇ. ඩො. කෝටි 100 වන්දිය ශ්‍රී ලංකාවට ලැබිය යුතුයි – එක්සත් ජාතීන් කියයි

X-PRESS PEARL නෞකා අනතුර හේතුවෙන් මෙරට සමුද්‍ර පද්ධතියට, ජීවනෝපායන්ට සහ වෙරළබඩ ජනතාවට සිදු වුණ හානිය බරපතළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යුක්තිය සහ වගවීම සඳහා වැදගත් පියවරක් බවත් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය තම එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

මෙම නෞකාවේ මෙහෙයුම් භාර එක්ස්ප්‍රස් ෆීඩර්ස් නම් සමාගමට ඇමරිකානු ඩොලර් කෝටි 100ක වන්දියක් ගෙවන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව පාරිසරික යුක්තියට සන්ධිස්ථානයක් බවද එහි සඳහන් වේ.

වගවීම සහතික කරමින්, පරිසර පද්ධති යථා තත්වයට පත් කරමින් සහ අනාගත සමුද්‍ර ඛේදවාචක වළක්වා ගනිමින් මෙම වගකීම ඉටු කිරීමට සියලුම පාර්ශ්වකරුවන් කටයුතු කළ බවද එක්සත් ජාතීනගේ මෙරට කාර්යාලය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top