/ Jan 23, 2026

ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු ඝාතනයට!

ඊයේ (13) රාත්‍රී ටෙල්අවිව් ජෆා ප්‍රදේශයේ වෙරළ තීරයක දී තියුණු ආයුධයකින් පහරදී අදාළ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල, බටපොල ප්‍රදේශයේ සිට ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මීට මාස දෙකකට පමණ පෙර පැමිණි 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු බව සඳහන්.

අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයෙකු සමඟ ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඔහු විසින් අදාළ ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top