/ Feb 11, 2026

ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් ගෙන ඒමට පියවර!

ජාතික ඛනිජ ප්‍රතිපත්තිය – 2026′ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය’, 1999 වර්ෂයේදී ප්‍රථම වරට සකස් කරනු ලැබ ඇති අතර ඛනිජ සම්පත් සම්බන්ධ යාවත්කාලීන දත්ත පද්ධතියක් සකස් කිරීම, ඛනිජ අපනයනය කිරීම සඳහා අගය එකතු කිරීම, ඛනිජ ආශ්‍රිත කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, ඛනිජ සම්පත් නිස්සාරණය හා පරිසරය තිරසර ලෙස කළමනාකරණය කිරීම සහ ඛනිජ සම්පත් නිස්සාරණයේදී මතු වන ඉඩම් අයිතිය සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම වැනි කරුණු ආවරණය කරමින් 2023 වර්ෂයේදී සංශෝධනය කර ඇත.

එලෙස සංශෝධනය කරනු ලැබ ඇති ජාතික ඛනිජ ප්‍රතිපත්තිය, වර්තමාන රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘තිරසර සම්පත් භාවිතාවක් – උපරිම ප්‍රතිලාභ ජනනයක්’ යන තේමාව යටතේ වන ප්‍රතිපත්ති මූලධර්මයන්ට අනුගතව නැවත යාවත්කාලීන කර ඇති අතර ඒ අනුව, සකස් කරනු ලැබ ඇති ‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය – 2026’ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top