දෙහිවල දුම්රිය ස්ථානය අසළදී පසුගිය 18වනදා උදෑසන පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරු බව කියන අය අද (25) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුකින් මියගොස් ඇතැයි වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම 4:30ට පමණ කහතුඩුව පාලගම ප්‍රදේශයේ පාලු නිවසක් පරීක්ෂා කර ඇති අතර එහි සැඟව සිටි සැකකරු STF නිලධාරීන් දෙසට වෙඩි තබා ඇත.
එහිදී සිදු වූ STF වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ STF නිලධාරියෙකුද කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.