කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්‍රවණතාවය තවදුරටත් පවත්වා ගනිමින් අද (21) දිනයේ දී ද මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබේ.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 115.84 කින් ඉහළ ගොස් ඒකක 16,373.15 ක් ලෙසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය නැවත වරක් අලුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර S&P SL20 දර්ශකය ඊයේ දිනය තුළ ඒකක 30.37කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 4,962.03 ක් ලෙසින් සටහන් විය.
ඒ අනුව රු. බිලියන 5.56 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර එහිදී දේශීය ගැනුම් ලෙස රු. බිලියන 5.41 ක් හා දේශීය විකිණුම් ලෙස රු. බිලියන 5.35 ක් ලෙසත් විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 148ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 203 ක් ලෙසත් වාර්තා වී තිබේ.