/ Mar 15, 2025

කිරි කන්න ගිහින් දිව කැපෙන අය-වැයක්: පෙරටුගාමීන්ගෙන් දැඩි විවේචනයක්!

මෙවර අය-වැය දැලි පිහියෙන් කිරි කෑමට උත්සාහ කරන අය-වැයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

අන්තිමේදී ජනතාවට කිරි කෑමටත් නොහැකිව දිවත් කැපී කෙළවර වීමට මෙයින් ඉඩ තිබෙන බවයි, එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසා සිටියේ.

අය-වැය රනිල් ගිය පාරේම යන බවත්, එය නව ලිබරල් පාරම බවත් කී ඔහු බදු ආදායම් ඉපැයීමට තමන් ආණ්ඩුවට යෝජනා 22ක් ඉදිරිපත් කළත් ඒවා සලකා බලා නැතැයි චෝදනා කළේ ය.

බිලියන ගණන් ලාබ ලබන ධන කුවේරයන්ගෙන් විශේෂ බද්දක් අය කිරීමට තමන් යෝජනා කළද ආණ්ඩුව එය නොසලකා හැර ඇති බවත්, වාහන ආනයනය කර මුදල් ඉපයීමට ආණ්ඩුව වෑයම් කළත් එය සාර්ථක නැති බවත් පුබුදු තව දුරටත් කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top