සබරගමුව සරසවියේ සිසුවෙකු ගෙල වැලලාගෙන සිය දිවි නසාගැනීමට හේතුව ඔහුට නවක වදය ලබා දීම බවට සැකකරමින් එම සරසවියේම තවත් සිසුවෙකු සමනල වැව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
සරසවියේ පැවැති අවුරුදු උත්සවයකින් පසුව ගම්පොල පිහිටි සිය නිවසට ගිය මෙම සිසුවා ලිපියක් ලියා තබා සියදිවිනසාගෙන ඇත.
‘‘මෙච්චර කාලෙකට මට වුණ දේවල් දන්නේ මම විතරයි. මම අවුරුදු ගාණක් තිස්සෙ ඩිප්‍රෙෂ්න තියාගෙන හිටියෙ. ඒ දේවල් මම කාටවත් අද වෙනකල් කිව්වෙ නෑ. මේ දවස් ටිකේ මට ඒක හොඳටම වැඩි වුණා. ඒක නැති කරන්න මම මාර විදිහට ට්‍රයි කළා. ඒත් වැඩක් වුණේ නෑ.
මම මේ දේ කරන්නෙ නැතුව ජීවත් වෙන්න මාර විදිහට ට්‍රයි කළා. මට කරන්න දෙයක් නෑ. මම ගෙනාපු ආයුෂ මෙච්චරයි වෙන්න ඇති.“
යට ඇඳුම් බෙල්ලේ එල්ලා අපහාසයට පත් කළ බව ඔහුගේ මව මාධ්‍යයට කියා සිටියා ය.
මේ සම්බන්ධ විමර්ශනයක් ක්‍රියාත්මක වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා පැවසීය.
“සිසුවාගේ සියදිවි නසාගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවක වදය ලබාදීමද යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් හදුනාගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.
නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැන්තෙකු නවකවදය ලබාදීම සඳහා සහභාගි වී තිබෙනම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරනවා”
ඒ අතර මිය ගිය චරිත් නම් සිසුවාගේ පියාද පොලිස් පැමිණිල්ලක් කර තිබේ.