/ Dec 06, 2025

පේරාදෙණිය සරසවියේ හොස්ටල්වල කොටුවූ සිසුන්ට දැඩි අපහසුතා

මහනුවරට ඇතිවූ දැඩි ආපදා තත්වය මත පිටවීමට නොහැකිව පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාරවල කොටු වූ සිසු – සිසුවියන් සහ ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ට අවශ්‍ය පහසුකම් නැති වීම නිසා දැඩි අසීරුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.

ආහාර – පානීය ජලය – බෙහෙත් වර්ග – සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමැති වීම නිසා මෙම අපහසුතාව දැඩි වී තිබේ.

දුරකතන සංඥා බිඳ වැටීම නිසා සිසුන් සහ දෙමාපියන් අතර සන්නිවේදනය බිඳ වැටීමෙන් ඔවුහු තවත් අසරණ වී සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top