කතානායක ධුරයෙන් ඉල්ලා අස්වී ආන්දෝලනයක් ඇති වූ අසෝක රංවල මන්ත්‍රීවරයා ගෙදර යා යුතු බව කියමින් රංගන ශිල්පී සුදත්ත තිලකසිරි සටනක් අරඹා තිබේ.
සුදන්ත විසින් තමාගේ යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශ කරන්නේ, රන්වල මන්ත්‍රීවරයා තමාට උපාධියක් ඇතැයි පවසා රැල්ලට පාර්ලිමේන්තුවට පැමිණි අයෙකු බවයි. ඒ පිළිබඳව විමසීමේදී එසේ විමසීම තුට්ටු දෙකේ වැඩක් යැයි ඔහු පැවසූ බවත් නමුත් තුට්ටු දෙකේ මිනිසෙකු වන්නේ රන්වල බවත් තිලකසිරි පවසයි.
ජාතික ජනබලවේගය වෙනුවෙන් ප්‍රබල ලෙස ප්‍රචාරණ කටයුතු සිදු කළ සුදන්ත තිලකසිරිගේ මෙම ප්‍රකාශය විශේෂත්වයක් බව බොහෝ දෙනා පවසති.