පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව පිහිටි සුදු අරලිය හෝටලය ඩෝසර් කර යළි ඉදි කිරීමට සැලසුම් කර ඇති බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පවසයි.
සුදු අරලිය හෝටලය අයත් භූමිය නීත්‍යානුකූල නැති බවත්, එහි මායිම් ගලවා ඉවත් කර හෝටලය ඩෝසර් කර නැවත ඉදිකිරීමට තමන් සැලසුම් කර ඇති බවත් රටේ නීතියට අනුව කටයුතු කිරීමට තමන් සූදානම් බවත් ඔහු කියා සිටියේ හිඟුරක්ගොඩ නගරයේ රැස්වීමකට සහභාගි වෙමිනි.