/ Sep 16, 2025

ඊශ්‍රායෙල් – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය කැඳෙව්වේ අත්වැරදීමකින් : සුජීව සේනසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සම්බන්ධයෙන් අත්සන් කරන ලද ලිපියක් ඉල්ලා අස්කර ගෙන තිබේ.

මෙම ලිපියට අත්සන් තැබූ අය අතර තම නම ඇතුළත් කර ඇත්තේ වරදකින් බවත්, ඒ පිළිබඳව දැනගත් වහාම අදාළ ලිපිය නැවත කැඳවීමට කටයුතු කළ බවත් සේනසිංහ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක විසින් දරන අතර, ඊට මන්ත්‍රීවරුන් 38 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සමන්විත බව වාර්තා වේ.

ගාසා තීරයේ සහ මැද පෙරදිග කලාපයේ ඊශ්‍රායෙලය විසින් මේ දිනවල සිදු කරමින් සිටින ම්ලේච්ඡත්වය ලොව පුරා ප්‍රගතිශීලි ජනතාවගේ දැඩි විරෝධයක් මතුව ඇති තත්වයක මෙම සිදුවීම කතාබහට ලක් ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top