/ Jun 08, 2025

සුපිරි වෙළඳසැලකට ලක්ෂ 5ක පාඩමක්!

උපරිම සිල්ලර මිලට වඩා රුපියල් 10ක් වැඩියෙන්, පානීය ජලබෝතල් අලෙවි කළ කලවාන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 5ක දඩයක් පණවා ඇතැයි වාර්තා වේ.

කලවාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙකී චෝදනාවට අදාළ වෙළෙඳසැල විසින් වරද පිළිගෙන ඇති අතර දණ්ඩන ලෙස මෙම දඩය නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දිවයින පුරා මෙවැනි සිදුවීම් ඇත්නම් වාර්තා කරන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top