/ Jun 08, 2025

ආන්දෝලනාත්මක ගණේමුල්ලේ සංජීව ඝාතනය; සැකකාර වෙඩික්කරුව පෙරට්ටුවේ දී හඳුනාගෙන නෑ!

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකරු සැකකරු අද (4) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් එම හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර, ඔවුන් විසින් සැකකරුව හඳුනානොගත් බවයි වාර්තා වන්නේ.

හඳුනාගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලීගේ නිල මැදිරියට ඉදිරිපත් කර තිබේ.

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ සැකකරු මේ මස 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එදින මෙම සැකකරු ස්කයිප් තාක්ෂණය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top