/ Jun 10, 2025

අම්මාගේ වරෙන්තුවට අවුරුදු 8ක පුතා උස්සන් ගිය අමුතු පොලිස්!

takes 8-year-old son to court on mother's warrant!

අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර තිබුණු කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඇගේ අට හැවිරිදි දරුවා අත්අඩංගුවට ගෙන රැයක් පුරා පොලිස් ස්ථානයේ රඳවා තබාගත් පොලිස් ස්ථානාධිපතිවරයෙක් ගැන වාර්තා වේ.

මෙම චෝදනාව එල්ල වන්නේ වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයාට ය. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණය නියෝග කර ඇති අතර මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබේ.

අප්‍රේල් 28 දා මෙම පවුල වාසය කරන නිවසට ගොස් ඇයව සොයා බලා නැතියෙන් මිත්තණිය සමඟ රැඳී සිටි වයස 3 සහ 8 වියැති දරුවන්ගෙන් 8 වියැති දරුවා මෙසේ පොලිසිය වෙත රැගෙන ගොස් රඳවා ගත් බවයි පැවසෙන්නේ. 

මෙම බාලවයස්කාර දරුවාගේ මිත්තණිය, ගමේ පන්සලේ නායක හිමි ඇතුළු ගම්වාසීන්ද ඉල්ලීම් කළද දරුවා 29 වැනි දා උදෑසන දක්වා රඳවා ගත් බව පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top