තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී අද (10) සිදුවු බස් රථ අනතුරින් මියගිය පාසල් සිසුවා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි සිසුවෙකු බව තහවුරු වී තිබේ.
පොලීසිය පවසන්නේ එලෙස අනතුරින් මියගොස් ඇත්තේ 16 හැවිරිදි හඟුරක්කෙත, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
411 ගම්මානය දක්වා දිවෙන අතුරු මාර්ගයේ දී අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අඩි පහක පමණ හෙලකට පෙරළී යෑමෙන් අනතුර සිදුව තිබුණි.
අනතුර සිදුවන මොහොත වන විට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මෙන්ම සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පැවැත්වූ උපකාරක සම්මන්ත්‍රණයකට සහභාගී වූ සිසුන් පිරිසක් ඇතුළු 40කට වැඩි පිරිසක් බස් රථයේ ගමන් කර ඇති බව වාර්තා විය.
අනතුරින් මියගිය සිසුවාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත්ක ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
අනතුරින් බස් රථයේ ගමන් ගත් 39 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාව සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.





