/ Nov 13, 2025

අපේ ජනතාවට සලකපු එකට ස්තූතියි – දිගම්බරන් ජනපතිට තුති පුදයි

මෙවර අයවැය මඟින් වතු කම්කරු ජනතාව වෙත වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව මැදිහත්වීම ගැන විපක්ෂ මන්ත්‍රී පලනි දිගම්බරන් අද (13) පාර්ලිමේන්තුවේදී රජයට ස්තූතිය පළකළේය.

පසුගිය කිසිදු රජයකට කළ නොහැකි වූ දේ වත්මන් රජය කර ඇති හෙයින් එය සාර්ථක කරගැනීම සඳහා සහය දිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”මේ අයවැයෙන් ආණ්ඩුව වතුකම්කරු ජනතාවට් මිලියන 5000ක් වෙන්කරලා තියෙන්නේ. ඒකට අපි සතුටු වෙනවා. අපි දැනගන්න ඕනේ දන්නා ඇමති කෙනෙක් ඉන්නවා නම් කියන්න මේක දවස් 25ක් ආවොත් දෙනවද නැත්නම් එක දවසක් ආවත් දෙනවද කියල. මොකද සමහර විපක්ෂ කණ්ඩායම්, මට නමත් කියන්න පුළුවන් නාමල් රාජපක්ෂ ඒවගේම මුස්ලිම් කොංග්‍රස් කාරියප්පර් ඒගොල්ලෝ විරුද්ධ වෙනවා. මොකද මේ ජනතාවගේ බදු සල්ලි මේ කම්කරුවන්ට දෙනවා කියල. ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ කම්කරුවෝ අවුරුදු 200ක් මේ රටට හම්බුකරලා දීලා තියෙනවා. ඒක ඒගොල්ලන්ට දෙන්නේ නැත්නම් කාටද දෙන්නේ. ඒ නිසා මේ වැඩේ විනාශ කරන්න එපා. ඔයාලගේ ආණ්ඩු කාලේ දෙන්න බැරි වුණා. මේ ආණ්ඩුව දෙනවා නම් අපි සතුටු වෙන්න ඕනේ. ඒගොල්ලන්ට සහයෝගය දෙන්න ඕනේ ඒ නිසා මම මේ ජනාධිපතිට වතුකම්කරුවන්ගේ පඩි වැඩිකරපු නිසා මම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් දිගම්බරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top