/ Jun 30, 2025

චමල් රාජපක්ෂ මූල්‍ය වංචා චෝදනාව: සාක්ෂිකරු අතුරුදන් නිසා විමර්ශන කොට උඩ!

The arrest of Chamal Rajapaksa has been halted.

හිටපු අමාත්‍ය සහ කතානායක චමල් රාජපක්ෂ වෙත එල්ල  වුණු මූල්‍ය වංචා චෝදනාවකට අදාළව ප්‍රධාන සාක්ෂිකරුවෙකු අතුරුදහන්ව ඇති නිසා එම විමර්ශන කටයුතු අඩාල වී ඇතැයි වාර්තා වේ.

තමනට අයත් තිස්සමහාරාමයේ තිබෙන නිවසක් අරගල සමයේ විනාශ කරන ලදැයි පවසමින් වන්දි ලබාගැනීමේ සිදුවීමක් මෙම විමර්ශනයට පාදක වී තිබුණි.

මෙම ස්ථානයේ නිවසක් නොපැවති බවත්, එහි පැරණි වී ගබඩාවක් තිබු බවත්, එයද ඔහුට නොව වෙනත් අයෙකුට අයත් බවත් අනාවරණය වී තිබේ. එසේ ම මෙම ව්‍යාජ තොරතුරු මත පදනම් රුපියල් එක්කෝටි පනස් ලක්ෂ විසිදෙදහස් හයසියයක මුදලක් ලබාගෙන තිබෙන බවයි පැවසුණේ.

ඉඩමේ සැබෑ හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම පුවත සිළුමිණ පුවත්පතට ලබා දී ප්‍රසිද්ධ කිරීමෙන් පසු අදාළ ඉඩම් හිමියා සොයා ගැනීමට නොහැකි වී තිබේ.

කෙසේ වෙතත්, එනිසාවෙන් විමර්ශන කටයුතු ද අඩාලව ඇත. නීතියට සහ චක්‍රලේඛයන්ට පටහැණිව මෙලෙස මුදල් ලබා දුන් නිලධාරීන් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top