/ Mar 11, 2026

අත්අඩංගුවට ගැනුණු ලංකා ඊ නිව්ස් කතෘ CID භාරයට!

විදේශගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ‘ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

හෙට (12) දිනයේදී ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ දී ‘ලංකා ඊ නිව්ස් ‘ කර්තෘ මණ්ඩල සාමාජික ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර එම මාධ්‍ය ආයතනය ගිනි තබා විනාශ කිරීමෙන් පසු දිගින් දිගටම පැමිණි තර්ජන හේතුවෙන් ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් පලාගොස් විදෙස්ගතව ජීවත්වූ ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර වසර 16කට පසු අද (11) දහවල් දිවයිනට පැමිණෙද්දී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අධිකරණ නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ‘ලංකා ඊ නිව්ස් කර්තෘ ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top