වට්ස්ඇප් හරහා අසභ්‍ය ඡායාරූප, ලිංගික අන්තර්ගතයන් සහ හඬ පටිගත කිරීම් යවා කාන්තාවන් කිහිප දෙනෙකුට හිරිහැර කළ බව කියන 49 හැවිරිදි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) උතුරුමැද පළාත් සයිබර් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් බවයි සඳහන් වන්නේ.
අදාළ කාන්තාවන්ගේ යතුරුපැදි අලුත්වැඩියා කිරීම සඳහා සේවා මධ්‍යස්ථානයකට පැමිණි අවස්ථාවේදී සැකකරු විසින් ඔවුන්ගේ දුරකථන අංක ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙලි වී ඇති අතර පසුව ඔහු නුසුදුසු පණිවිඩ යැවීමට කටයුතු කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.
සැකකරු පෙබරවාරි 17 වැනිදා අත්අඩංගුවට ගෙන පෙබරවාරි 18 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු පෙබරවාරි 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.