/ Dec 06, 2025

NPP බලය හිමි යටියන්තොට සභාවේ අයවැය පරාද වෙයි!

ජාතික ජන බලවේගයට බලය හිමි යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය පරාජයට පත්ව තිබේ.

ඒ, ජන්ද හතරකිනි.

අයවැය විවාදය අතරතුර වතුකරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇති අතර අයවැය සඳහා පක්ෂව ඡන්ද 13ක් ද විපක්ෂව ඡන්ද 17ක් ලෙස ප්‍රකාශ වී ඇත.

පක්ෂව ඡන්දය ලබාදීමේ දී සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනාම ඡන්දය භාවිත කළ අතර, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, සර්වජන බලය හා ස්වාධීන මන්ත්‍රීවරු අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කර තිබේ.

1 thought on “NPP බලය හිමි යටියන්තොට සභාවේ අයවැය පරාද වෙයි!”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top