/ Mar 15, 2025

ජනතා මුදලින් ෆෝන් බිල ගෙවීමේ නඩුව: කෙහෙළියට එරෙහිව සාක්ෂි කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිස්සංක ඉදිරියේ යළි විභාගයට ගනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 13 වනදා දක්වා කල් තැබීමටද අධිකරණය නියෝග කළේය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් රුපියල් 240000/- කට ආසන්න සිය පෞද්ගලික ජංගම දුරකතන බිල ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top