නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” විසින් කොළඹ මහාධිකරණ භූමියේ දී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
“හරක් කටා” නැමති සංවිධානාත්මක අපරාධකරු පෙරේදා දිනයේ දී (14) කොළඹ මහාධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා රැගෙන ඒමේ දී සහ නැවත අධිකරණ භූමියෙන් රැගෙන යාමේ දී ටිරාන් අලස් මහතා සහ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණි.
ඔහු පැවසුවේ, ‘කෝටියක් විතර වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ ටිරාන් අලස්ටයි දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි තිහක් දුන්නෙ නැති එකට. ඒක දාන්න’ යනුවෙනි.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති අතර ඊයේ (15) දින විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.