/ Dec 06, 2025

බිඳ වැටී ඇති ජල සැපයුම දින තුනකින් පෙර තත්ත්වයට!

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවක බිඳවැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ. එම්. පී. සී. ටී. බණ්ඩාර පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ජල සැපයුම කඩිනමින් ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ විදුලිබල මණ්ඩලයේද සහාය ලබා ගෙන තිබෙන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ජල පොම්පාගාර ජලයෙන් යටවූ හෙයින් ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ජල පොම්පාගාරවලට විශාල හානියක් සිදුව තිබේ.

ඒ අනුව තිස්සමහාරාමය, කතරගම, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, අම්පාර, , උතුරු මැද, උතුර සහ වයඹ පළාත්වලට මේ වන විට ජල සැපයුම බිඳවැටී තිබෙන අතර මේ වන විට ගාල්ල, අනුරාධපුර, මඩකලපුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජල සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර තිබෙන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

එසේම බස්නාහිර පළාතේ අඹතලේ, ලබුගම, කලපුවාව සහ බියගම යන ප්‍රධාන ජලමූලාශ්‍රවලට හානියක් සිදුව නොමැති ඇත කැලණි ගඟ පිටාර ගැලීමෙන් එම ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ජල පොම්පාගාරවලට තිබූ අවධානමද මේ වන විට පහව ගොස් තිබෙන බව සඳහන්.

ජල සැපයුම බිඳ වැටී තිබෙන බොහෝ ප්‍රදේශවලට ජල බවුසර් ආධාරයෙන් ජලය ලබාදීමට පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top