/ Jul 07, 2025

වෛද්‍යවරිය දූෂණය කළේ නෑ, කැමැත්තෙන් එක් වුණේ: සැකකරුගෙන් රට කැළඹෙන ප්‍රකාශයක්!

The doctor did not rape her, she joined willingly.

තමන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට බලහත්කාරයෙන් අතවර නොකරළ බවත් ඇයගේ කැමැත්තෙන් ඇය සමඟ ලිංගිකව එක් වූ බවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (21) අධිකරණයේදී පවසා තිබේ.

එය කිසිසේත්ම අතවරයක් ලෙස හැඳින්විය නොහැකි බව පවසා ඇති සැකකරු, ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා කැමරා ඇත්නම් ඒවා පරීක්ෂා කර වෛද්‍යවරියගේ හැසිරීම නිරීක්ෂණයෙන් එය තහවුරු කරගත හැකි බවත් ඇය තමාව වරදක පටලැවීම පුදුමයක් බවත් ඔහු වැඩිදුටත් පවසා ඇතැයි සඳහන්.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අධිකරණයේදී ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා අවසර ලැබුණු විට දී ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

දැන් මේ සම්බන්ධයෙන් මතුව ඇත්තේ අනපේක්ෂිත තත්වයකි. ඒ අතර ගල්නෑව පොලිසිය විසින් තමන්ට කෘෘර වධ හිංසාසිදු කළ බවට ද සැකකරු අධිකරණයේදී ප්‍රකාශ කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසද විනිසුරුවරයා දැනුම් දී ඇත.

මෙයට පෙරද සමහර අංශ වෛද්‍යවරිය බැඳ දමා තිබීම සහ ලිහා ගැනීම සහ අතවරයට පසු ස්නානය කර තිබීම ගැන සැකසංකා මතුකර තිබුණි. එසේම වෛද්‍යවරිය හඳුනාගැනීමේ පෙරෙට්ටුවටද සහභාගී වූයේ අදිමදි කරමින් බවද කියැවිණ.

වෛද්‍යවරිය සම්බන්ධයෙන් සැකකරුගේ ප්‍රකාශය අධිකරණයේදී ඔහුම සිදු කළ අතර ඔහු වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටියේ නැත. එහිදී සැකකරු කියා සිටියේ ගල්නෑව පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව තමන්ට වධ හිංසා කළ බවත් එහිදී තම ගුද මාර්ගයට පොල්ලක් ඇතුළු කිරීම නිසා සිරුරු අභ්‍යන්තරයේ ලේ වහනයක් සිදුව ඇති බවත් ය.

වින්දිත වෛද්‍යවරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සගේ උපදෙස් මත නීතිඥවරයකු පෙනී සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top