වෛද්‍ය ආචාරධර්ම අමුඅමුවේ උල්ලංඝනය කරමින්, තම පුද්ගලික ආයතනයක් හරහා අසරණ රෝගීන් ගසා කෑ බවට සැක පිට අත්අඩංගුවට ගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා විමර්ශන කොමිසම මගින් නඩු පවරා ඇති විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී ඇත.
ඒ ඊයේ (24) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදීයි. ඇය තම පුද්ගලික ආයතනය හරහා අලෙවි කරන ශල්‍ය උපකරණය මුදලට රෝගීන්ට ලබා දීමේ අරමුණෙන් මෙසේ මිය ගිය රෝගීන් පවා හදවත් යන්ත්‍ර උපයෝගී කරගෙන දින ගණන් තබා මොළයේ සැත්කම් සිදු කර ඇති බවයි අනාවරණය වන්නේ.
මෙම ශල්‍ය කර්ම කිසිදු පලක් නැති මුදල් ලබා ගැනීම පිණිසම කළ ඒ බවයි කියැවෙන්නේ. මොළය මියගොස් හදවත් යන්ත්‍ර ආධාරයෙන් ජීවත් වන අයට මොළයේ ශල්‍යකර්ම පලක් නැති බැවිනි.
ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, සැකකාර විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂී සූරසිංහ විජේරත්න, රෝහලේ කළමනාකාර සහකාර ඉන්දික ලියනගේ, ඇගේ ආයතනයේ සේවක නිමල් රංජිත් යන අය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.