/ Jul 06, 2025

සිසුවා ඇදවැටුණු සිසු සැරියේ රියදුරුට සහ කොන්දොස්තරට වැඩ වරදී!

ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ සහ කොන්දොස්තරවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවරගෙන තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

රියදුරුගේ සහ කොන්දොස්තරවරයාගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට නිරීක්ෂණය වී ඇති බව එම කොමිසම වැඩිදුරටත් පෙන්වාදෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top