විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට ගොදුරු නොවුණු පවුලක් සොයා ගැනීමට නොහැකි වන ලෙස ව්‍යසනය පැතිරීමට පෙර එය මුලිනුපුටා දැමිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) විෂ මත්ද්‍රව්‍යට එරෙහි “රටම එකට” ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන අමතමින් පැවසීය.
එම ව්‍යසනයට එරෙහි යාන්ත්‍රණය හුදු අපරාධකරු සහ ඊට එරෙහි වන්නන් අතර සටනක් පමණක් නොව ඒ හා බැඳුණු තවත් යාන්ත්‍රණයක් පවතින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ඒ අනුව ඊට එරෙහි සටන ඇත්තේ දේශපාලනය තුළ බවත් එම දේශපාලන පෙරමුණ දේශපලනිකවම පරාජය කිරීමට කටයුතු කරන බවටද එහිදී ජනාධිපතිවරයා සහතික විය.
”අපිට මහජනයා විසින් වරමක් ලබා දීලා තියෙනවා. ඒ වරමේ මහජනයාගේ අපේක්ෂාවක් සහ බලාපොරොත්තුවක් තියෙනවා. නායකයින් හැටියට අපේ වගකීම මොකක්ද ඒ ජනතාවගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු වෙනුවෙන් කටයුතු කිරීම. ඒ නිසා තමයි අපේ මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව ඉවත් වෙනු කියල මහා ජාතික ව්‍යාපාරය ගොඩනැගුවේ. වෙන වෙන අය වෙන වෙන කලබල කරලා අපේ න්‍යාය පත්‍රය අවුල් කරන්න උත්සහ කරනවා. ඇත්ත ප්‍රශ්න යට ගහල ඔවුන් විසින්ම නිර්මාණය කරන ප්‍රශ්න වලට සමජය ගෙන්න උත්සහ කරනවා. ඇත්ත ප්‍රශ්න වෙනුවට ඔවුන් විසින් කෘතීම ප්‍රශ්න නිර්මාණය කරලා මොකද කරන්න හදන්නේ ඇත්ත ප්‍රශ්න යට ගහල කෘතීම ප්‍රශ්නවලට සමජය කැඳවන්න උත්සහ කරනවා. රජ්‍යයක් ඉලක්ක සහගතව ඒ හා බැඳුනු නිලධාරී යාන්ත්‍රණය, මජනතාව, ආගමික පුජකතුමන්ලා සියලු දෙනා ඉලක්ක සහගත එක මෙහෙයුමකට එනකොට වෙන දිශාවකට ව්‍යකූලත්වයක් හදන්න උත්සහ කරනවා. අපි බොරු වලවල්වල වැටෙන්නේ නැහැ. අපි ඉතාම ස්ථිර අදිටනින් යුතුව මෙහෙයුම දියත් කරනවා. මේ මෙහෙයුමෙන් අපි අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. මේ ව්‍යවසනයෙන් ජාතිය ගලවා ගන්නවා.”
විෂ මත් ද්‍රව්‍ය මර්දනයට කිරීමේ වැඩපිළිවෙල කිසිලෙසකින්වත් අත්නොහරින අතර ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දෙන බවත් මේ වන විට දේශපාලන යාන්ත්‍රණය වෙනස් වන ඇති හෙයින් නිලධාරීන් යාන්ත්‍රණය ඇතුළු ඊට සහය විය යුතු පිරිස් ද වෙනස්වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කරන ලදී.
ඒ අනුව මේ මහා ව්‍යසනයෙන් ජාතිය මුදවා ගැනීමේ මෙහෙයුම අත නොහැර ඉදිරියට ගෙන යන බවටද ජනාධිපතිවරයා තවදුරටත් සහතික විය.





