/ Mar 12, 2025

විදුලි සැරය මල් කැකුළක් මිළින කරයි

වව්නියාව, පලෙයිවාඩි ප්‍රදේශයේ වයස අවුරුදු 7ක දරුවෙකු ඊයේ (7) රාත්‍රියේ විදුලිසැර වැදී සිදු වූ අනතුරකින් මියගොස් තිබේ.

මිය ගිය දරුවා ජල මෝටරයකට අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බව සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පුලියන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top