මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා අනුමැතිය ඉල්ලා ඇත.
අප්‍රේල් 01 සිට ජුනි මස 30 වනදා දක්වා වන කාලය සඳහා මෙම විදුලි ගාස්තු සංශෝධනය ඉල්ලීම් කර තිබේ.





