ශ්‍රී ලංකාවේ මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වන අතර එයින් පවුල් ලක්ෂ 43ක් “අස්වැසුම” ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රකාශ කරයි.
ඒ අනුව අමාත්‍යවරයා පවසා සිටියේ මෙම ඉහළ ඉල්ලීම් සංඛ්‍යාවෙන් පෙන්නුම් කරන්නේ මෙරට ජනතාවගේ “යාචක මානසිකත්වය” බවයි.
අස්වැසුම ලබා ගැනීමේ අවශ්‍යතාවය සැබෑ අවශ්‍යතාවක් මත ඇති වූවක් නොව, ආධාර ලබාගත යුතු ය යන දිළිඳු මානසිකත්වයකින් ඇතිවු තත්වයක් බව පැවසූ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ මෙම පුදුම සහගත මානසික තත්වය රටේ ආර්ථිකයට දැඩිව බලපෑම් ඇති කරන බවයි.
එබැවින් රටේ ජනතාව සහ දේශපාලනඥයන් විසින් නිර්මාණය කර තිබෙන මෙම අවුල් සහගත මානසික සහ දේශපාලන ව්‍යුහයෙන් ගැලවීමට නොහැකි වුවහොත් මෙරටට ඉදිරියට යාමට නොහැකි වනු ඇති බව ඔහු අවධාරණය කරයි.





