/ Nov 13, 2025

එප්පාවල හෙරොයින් සිද්ධිය අද පාර්ලිමේන්තුවේදීත් ඇද ගනී!

වත්මන් ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය නිසිලෙස රකින බවට අනුරාධපුර සිදුවීමෙන් පෙන්වා තිබෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එම සිද්ධිය පාදක කරගෙන විපක්ෂය විසින් ආණ්ඩුවට පහර දීමට සූදානමින් සිටියද එම සිද්ධිය කළමනාකරණය කරමින් පොලීසියට කිසිදු බලපෑමක් කර නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

”ඔයගොල්ලෝ බලාගෙන හිටියේ අනුරාධපුර සිද්ධියෙන් අපට බැටේ දෙන්න. අනුරාධපුර සිද්ධිය හරියටම කළමනාකරණය කරලා තියෙනවා. අපි මේ පොලීසියට මැදිහත්වෙන්නේ නෑ කියන එක අපේ එකෙක් වරදක් කළත් අපි ඒකට මැදිහත් වෙන්නේ නෑ කියන අභීත ආදර්ශය අපි දීලා තියෙනවා. ඒ නිසා නීතියේ ආධිපත්‍ය ගැන කතාකරන්න දෙයක් නෑ. අපි නීතියේ ආධිපත්‍ය හරියටම රකිනවා. ඒකට හේතුව තමයි අපි ආයතන ස්වාධීන කරලා ඒ ස්වාධීන කරපු ආයතන ඇතුලේ තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය අපි හරියටම කියල තියෙනවා. මන්ත්‍රීතුමියගේ නිවාස පවා පරික්සහ කර තිබෙනවා. ඔයගොල්ලන්ගේ කාලේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ නෑ. ගිහින් බදාගත්තා. අන්න ඒක තේරුම් ගන්න. ඔයගොල්ලන්ගේ හවුල් ආණ්ඩුවල පාලකයෝ එහෙමයි කළේ.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙක් පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 118ක් සමග අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගේ බිරිඳ ජාතික ජන බලවේගයේ පෑළියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරමින් සිටි අතර එම සිද්ධියෙන් පසු ඇය සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top