පාකිස්තානයේ සහ එහි පාලනය යටතේ පවතින කාශ්මීර් පළාතේ ත්‍රස්ත ඉලක්ක 9ක් වෙත ඉන්දීය හමුදා මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරය හේතුවෙන් පාකිස්තානුවන් 8 ක් මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ.
පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ඇතිවුණ යුද උණුසුම මධ්‍යයේ ඉන්දීය හමුදාව මෙම ප්‍රහාර මාලාව අද (7) අලුයම එල්ල කර ඇත.
මෙම ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා තුනක් පාකිස්තාන හමුදා විසින් වෙඩි තබා බිම හෙළා ඇති බවද වාර්තා වේ.
මෙම තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කරන්නේ, ඉන්දීය ප්‍රහාරය පැහැදිලිව යුද ප්‍රකාශ කිරීමක් බවත් ප්‍රතිප්‍රහාරය පාකිස්තානයේ පූර්ණ අයිතියක් බවත්ය.