/ Apr 30, 2025

වරෙන්තුවට මාස එකහමාරක්: හිටපු ඇමැති අත්අඩංගුවට ගන්න තවමත් බැරි වෙලා!

The minister runs away when the police arrive.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණා මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලිසියට නොහැකි වී තිබේ.

ඔහු නිවසෙන් අතුරුදන්ව ඇති කාලය මේ වන විට මාස එකහමාරක ඉක්මවා ඇති බව පෙනී යයි. හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දිනක ගුවන් ගමන් බලපත්‍ර කාර්යාලය වෙත පැමිණ ගොස් ඇති බවද මාධ්‍ය වාර්තා කළේය. මොහු රහසිගතව රටෙන් පිටවී ඇතැයි ද සමහර දෙනෙක් සැක පළ කරති.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන හිටපු ඇමැති මර්වින් සිල්වා සහ තවත් තිදෙනෙක් මැයි මස 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. නීතිඥයෙකු ඇතුළු තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ ආරංචිමාර්ග පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top