ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායකට අයත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයා වෙත බාර දී තිබේ. වෙනත් ස්ථානයකට යෑමට තමන් ඉල්ලා අස්වූ බව ඔහු පැවසීය.
පුරප්පාඩු වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා වයඹ පළාත් මාර්ග ප්‍රවාහන නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යංශ ලේකම් කමල් අමරසිංහ පත් කර තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුනි, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ යන අය මෙයට පෙර ඉල්ලා අස් වූ අය වෙති.