/ Aug 01, 2025

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි ලොකු වැඩ කරන්න මෙයාලට බෑ: පාඨලී

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි භාරදූර ලොකු වැඩ කිරීමට තරම් දැනුමක් හෝ කුසලතාවක් වත්මන් ජාතික ජනබලවේග රජයේ නැති බව ඔවුන් තේරුම් ගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි.

ඊයේ (18) කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එලෙස පැවසූ හිටපු අමාත්‍යවරයා බලයට ඒමට පෙර විශ්වකෝෂ මෙන් පෙන්වූ අය කුඩා පිරිසක්ද යන්න සමාජයට දැන් පෙනෙන බවද කියා සිටියේ ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළට ප්‍රධාන විෂයන් 5ක් නම් කර අතුරු විෂයන් දෙකක් ගන්න පුළුවන් කියලා ඉතිහාසය, දෙවන බස, කලා විෂයන් එක ගොඩකට දමා තිබෙනවා. එතන තාක්ෂණික විෂයනුත් තිබෙනවා. ආණ්ඩුව මේ කරලා තියන්නෙ හොඳ පුරවැසියෙක් බිහි කරන අරමුණ  පැත්තකට දාලා රැකියා වෙළඳපොලට අවශ්‍ය මිනිසෙක් නිර්මාණය කිරීම. හොඳටම පැහැදිලියි දරුවෝ රැකියාවලට අදාළ දේවල් තෝරානොගෙන ඉතිහාසය වගෙ විෂයන් තෝරා ගන්නෙ නැති බව. ලිබරල්වාදී ප්‍රතිපත්තියෙ යන්නෙ නැතුව අධ්‍යාපනය වගකීමක් හැටියට භාරගන්න කියලා බොහෝ දෙනා ආණ්ඩුවට කියන්නෙ. විදේශ ආධාර ගත්තත් හර පද්ධතීන් මෙහෙම හෑල්ලු කරන්න අනුරගෙ ආණ්ඩුව ක්‍රියාකිරීම ඔවුන්ගෙ පොරොන්දුවලට එරෙහිවීමක්.

ඔවුන්ගේ සීමාව මතක තබා ගත යුතුයි. ලුණු සංස්ථාවවත් කරන්න බැරි ආණ්ඩුවක් මේක. අධ්‍යාපනය වගෙ ලොක් වැඩ කරන්නෙ කොහොමද? තමන්ට කරන්න බැරි ප්‍රතිසංස්කරණ කරන්නෙ නැතිව අධ්‍යාපනයට ඔහොම ඉන්න දෙන්න. ඔයාලට මේක කරන්න බෑ. ඒක මතක තියාගන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top