/ Feb 26, 2026

ආණ්ඩුව විපක්ෂයේ අයව නඩුවල පටලවන්න හදනවා. මතවාදී වෙනස්කම් පසෙක තබා එකතු වෙමු – රනිල්

වත්මන් ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ට විවිධ චෝදනා එල්ල කරමින් නඩු වලට පටලවා ඔවුන් මර්දනය කිරීමට උත්සාහ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පවතින මතවාදී වෙනස්කම් පසෙක තබා, ජනතාවගේ අයිතිවාසිකම් සහ රටේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

“මේ දේවල් ආරක්ෂා කරගත්තට පස්සේ අපිට පුළුවන් මොකක්ද හරි මොකක්ද වැරදි කියලා වාද විවාද කරන්න. ජනතාවට අයිතියක් තිබෙනවා හොඳ නරක තෝරාගන්න. ඒ නිසා ඔබ ගන්නා සෑම පියවරකටම මගේත් මගේ පක්ෂයේත් සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.”

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (25) කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී විපක්ෂ නියෝජිතයින් සමඟ පැවති සාකච්ජාවේදීය.

එමෙන්ම දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ නිදහස සීමා කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, විවිධ නඩු පවරමින් දේශපාලන පළිගැනීම් සිදු කිරීම හරහා විපක්ෂය අඩපණ කිරීමට උත්සාහ දරන බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top